YouVersion Logo
Search Icon

දානියෙල් 1:5-8

දානියෙල් 1:5-8 SCV

රජු අහරට ගන්නා භෝජන හා රජු පානය කරන මිදි යුෂ යන දැයින් දිනපතා කොටසක් රජු ඔවුනට නියම කළේ ය. ඔවුන් තුන් අවුරුදු පුහුණුවක් ලැබිය යුතු විය. රජු ඉදිරියේ ඔවුන් පෙනී සිටිය යුතු වූයේ ඉන්පසුව ය. ඔවුන් අතරෙහි යූදා පුත්‍රයින් වූ දානියෙල්, හනනියා, මිෂායෙල් හා අසරියා ද වූහ. ප්‍රධාන නිලධාරී ඔවුනට අලුත් නම් තැබී ය: දානියෙල්ට බේල්ටෙෂසර් ද හනනියාට ෂද්‍රක් ද මිෂායෙල්ට මේෂක් ද අසරියාට අබේද්-නෙගෝ ද යන වශයෙනි. එහෙත් දානියෙල්, රාජ භෝජනයෙන් හා රජුගේ මිදි යුෂවලින් තමා අපවිත්‍ර කර නො ගැනීමට අධිෂ්ඨාන කර ගත්තේ ය. එබැවින් එසේ අපවිත්‍ර නො වී සිටීමට ප්‍රධාන නිලධාරියාගෙන් ඔහු අවසර ඉල්ලී ය.

Free Reading Plans and Devotionals related to දානියෙල් 1:5-8