YouVersion Logo
Search Icon

දානියෙල් 1:4-6

දානියෙල් 1:4-6 SCV

ඔවුහු ශාරීරික දෝෂයකින් තොර, යෞවන, කඩවසම්, සකල ප්‍රඥාවෙහි සමත්, දැනගැන්ම, වටහාගැන්ම හා දැනුම් තේරුම් ඇති, රජ මාලිගයේ සේවයට සුදුස්සන් වූවන් විය යුතු විය. කල්දිවරුන්ගේ භාෂාව හා සාහිත්‍යය ඔවුනට ඉගැන්විය යුතු විය. රජු අහරට ගන්නා භෝජන හා රජු පානය කරන මිදි යුෂ යන දැයින් දිනපතා කොටසක් රජු ඔවුනට නියම කළේ ය. ඔවුන් තුන් අවුරුදු පුහුණුවක් ලැබිය යුතු විය. රජු ඉදිරියේ ඔවුන් පෙනී සිටිය යුතු වූයේ ඉන්පසුව ය. ඔවුන් අතරෙහි යූදා පුත්‍රයින් වූ දානියෙල්, හනනියා, මිෂායෙල් හා අසරියා ද වූහ.

Free Reading Plans and Devotionals related to දානියෙල් 1:4-6