YouVersion Logo
Search Icon

දානියෙල් 1:17-21

දානියෙල් 1:17-21 SCV

මෙම තරුණයින් සිවුදෙනාට දෙවියන්වහන්සේ, සාහිත්‍යයේ හා ශිල්ප ශාස්ත්‍රයේ හැම අංගයක් ගැන ම දැනුමත්, ප්‍රඥාවත් දුන් සේක. තවද සියලු ආකාර දර්ශන හා ස්වප්න පිළිබඳ වැටහීමක් දානියෙල්ට තිබිණි. ඔවුන් කැඳවීමට රජු නියම කළ කාලය සම්පූර්ණ වූ කල, ප්‍රධාන නිලධාරී ඔවුන් නෙබුකද්නෙසර් ඉදිරියට පැමිණ වී ය. රජු ඔවුන් සමඟ කතා බහ කළේ ය. ඔවුන් සියල්ලන් අතරේ දානියෙල් ද හනනියා ද මිෂායෙල් ද අසරියා ද හා සමාන කිසිවකුත් හමු වූයේ නැත. එබැවින් ඔවුහු රජු ඉදිරියෙහි වූහ. ප්‍රඥාව හා අවබෝධය පිළිබඳව රජු ප්‍රශ්න කළ හැම කරුණකදී ම ඔහුගේ රාජධානියේ වූ සියලු ඉන්ද්‍රජාලිකයින්ට හා මන්ත්‍රකරුවනට වඩා දස ගුණයක් ඔවුන් සමත් බැව් රජු දැනගත්තේ ය. කෝරෙෂ් රජුගේ පළමු වසර දක්වා දානියෙල් එහි සිටියේ ය.

Free Reading Plans and Devotionals related to දානියෙල් 1:17-21