කොලොස්සි 1
1
1දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වූ පාවුල් හා අපගේ සහෝදර තිමෝති ද වෙතින්,
2කොලොස්සිහි වෙසෙන ශුද්ධවන්තයින් වූ ක්‍රිස්තුස්වහන්සේ තුළ විශ්වාසී සහෝදරයින් වෙතයි:
ඔබට අනුග්‍රහයත්, අපගේ පියාණන් වූ දෙවියන්වහන්සේගෙන් සාමයත් අත් වේවා!
තුතිය හා යැදුම
3ඔබ උදෙසා යාච්ඤා කරන කල, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ පියාණන් වූ දෙවියන්වහන්සේට නිරතුරු අපි තුති පුදන්නේ, 4යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති ඔබගේ ඇදහිල්ලත්, සියලු ශුද්ධවන්තයින් වෙත ඇති ඔබගේ ප්‍රේමයත් ගැන අප අසා ඇති බැවිනි. 5ඒ දෑ පැන නැගෙනුයේ, ඔබ උදෙසා ස්වර්ගයේ තබා තිබෙන බලාපොරොත්තුව තුළිනි. සත්‍යතාවේ වචනය වන ශුභාරංචිය මගින් ඒ ගැන දැනටමත් ඔබ අසා ඇත. 6ඔබ වෙත පැමිණි මෙම ශුභාරංචිය අසා, දෙවියන්වහන්සේගේ අනුග්‍රහය සැබෑවෙන් ඔබ වටහා ගත් දා පටන්, ඔබ මධ්‍යයේ සිදුවන අයුරින්, එය ලොව මුළුල්ලේ ම පැතිර පල දරමින්, වැඩෙමින් පවතී. 7ඔබ ශුභාරංචිය උගත්තේ අප ප්‍රේමණීය හවුල් දාසයකු වන එපප්‍රස්ගෙනි. ඔහු අප වෙනුවෙන් ක්‍රිස්තුස්වහන්සේගේ විශ්වාසී සේවකයකු වේ. 8ආත්මයාණන්වහන්සේ තුළ වූ ඔබගේ ප්‍රේමය ගැන අපට දැන්වූයේ ඔහු ය.
9ඔබ ගැන ඇසූ දා පටන් නොකඩව, අප ඔබ උදෙසා යාච්ඤා කරන්නේ එබැවිනි. දෙවියන්වහන්සේගෙන් අප ඉල්ලා සිටින්නේ, සකල ආත්මික ප්‍රඥාව හා අවබෝධය මගින් උන්වහන්සේගේ කැමැත්ත දැනගැන්මෙහි ලා ඔබ පූර්ණ කරන ලෙසයි. 10තවද, ස්වාමින්වහන්සේට ඔබින ලෙස ජීවත්වීමට හා හැම අතින් ම උන්වහන්සේ සතුටු කිරීමට ඔබට හැකි වන පිණිස ය: හැම අයුරු යහ වැඩවලින් පල දරමින් ද දෙවියන්වහන්සේ දැන-හැඳින ගැනීමෙහි වැඩෙමින් ද 11නො පසුබස්නා ඉමහත් වීරියක් හා ඉවසීමක් ඔබට අත්වන සේ දෙවියන්වහන්සේගේ තේජාන්විත පරාක්රමයට අනුව හැම බලයෙන් ම සවිමත් වෙමින් ප්‍රීතියෙන් ද 12ආලෝක රාජ්‍යයෙහි ශුද්ධවන්තයින්ගේ උරුමයේ පංගුකාරකමට ඔබත් සුදුස්සකු කළ පියාණන්වහන්සේට තුති පුදමින් ද ඔබට සිටිනු හැකි වන පිණිස ය. 13මන්ද අන්ධකාරයේ ආධිපත්‍යයෙන් අප මුදා ගෙන, ස්වකීය ප්‍රේමණීය පුතණුවන්ගේ රාජ්‍යයට අප ඇතුල්කර ගත්තේ උන්වහන්සේ ය. 14අපගේ මිදීම වන අපගේ පාපවලට කමාව අපට ඇත්තේ එම පුත්‍රයාණන් තුළ ය.
කිතු සමිඳුන්ගේ උත්තම භාවය
15අදෘශ්‍යමාන දෙවියන්වහන්සේගේ ස්වරූපය වන උන්වහන්සේ, සකල මැවිල්ලේ කුලුඳුලාණන් ය; 16මන්ද සියල්ල ම මවන ලද්දේ උන්වහන්සේ මගිනි; ස්වර්ගය තුළ ද පොළොව පිට ද ඇති දෑ, දෘශ්‍යමාන මෙන් ම අදෘශ්‍යමාන දෑ, සිංහාසන වේවා, පරාක්‍රම වේවා, පාලකයින් හෝ බලධාරීන් වේවා, සියල්ල මවන ලද්දේ උන්වහන්සේ මගිනි. උන්වහන්සේ වෙනුවෙනි. 17සෑම මැවිල්ලකට ම පූර්වයෙන් උන්වහන්සේ සිටින සේක. මවන ලද සියලු දේ උන්වහන්සේ තුළ එකට එක් ව පවතී. 18සභාව වන ශරීරයේ හිස උන්වහන්සේ ය. මූලාරම්භය උන්වහන්සේ ය. මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාණෝ උන්වහන්සේ ය. මෙසේ, සියලු දේහි ප්රමුඛ ශ්‍රේෂ්ඨත්වය උන්වහන්සේ සතු ය. 19මන්ද දෙවියන්වහන්සේගේ ප්‍රිය මනාපය වූයේ, ස්වකීය දේවත්වය ක්‍රිස්තුස්වහන්සේ තුළ පරිපූර්ණ ව පැවතීමත්, 20පොළොව පිට ඇති දෑ වේවා, ස්වර්ගයෙහි ඇති දෑ වේවා, ඒ සියල්ල ක්‍රිස්තුස්වහන්සේ කුරුසියේ වගුළ ලෙය හේතු කොට, සාමය සැලසීමෙන්, උන්වහන්සේ මගින් සියලු දේ ම තමන්වහන්සේට සමඟි කර ගැනීමත් ය.
21කලක් ඔබත් දෙවියන්වහන්සේට පිටස්තරයින් ව, නපුර කිරීමෙන් ඔබේ සිතින් උන්වහන්සේගේ සතුරන් ව සිටියහ. 22එහෙත් දැන් ක්‍රිස්තුස්වහන්සේගේ මාංසික ශරීරයේ මරණය මගින් දෙවියන්වහන්සේ, තමන්වහන්සේ සමඟ ඔබ සමඟි කර ගෙන ඇත්තේ, තමන්වහන්සේගේ ඇස් හමුවේ ඔබ ශුද්ධ ව, නො කැළැල් ව, නිදොස් ව පිළිගැන්වෙනු පිණිස ය. 23එසේ වන්නේ ඔබ ඇදහිල්ලේ තහවුරු වී, ස්ථාවර වී, අඛණ්ඩ ව එහි පැවත, ශුභාරංචියේ බලාපොරොත්තුවෙන් බැහැර නො වී සිටියහොත් ය. අහසින් යට සමස්ත මැවිල්ලට ම ප්‍රකාශිත එය, ඔබ ද ඇසූ ශුභාරංචිය ය; පාවුල් වන මම එහි සේවකයෙක් බවට පත් ව සිටිමි.
සභාව උදෙසා පාවුල්ගේ කාර්ය භාරය
24ඔබ උදෙසා විඳින දුක් ගැහැට ගැන, දැන් මම සතුටු වෙමි. ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා උන්වහන්සේගේ වධ විඳීම්වල අඩුව මගේ මාංසයෙන් සම්පූර්ණ කරමි. 25දෙවියන්වහන්සේගේ වචනය පූර්ණත්වයෙන් ප්‍රකාශ කිරීමේ කාර්යය ඉටු කිරීමට, දෙවියන්වහන්සේගේ නියමයෙන් ඔබ උදෙසා මට දෙන ලද උන්වහන්සේගේ ගබඩාකාරකමේ හැටියට මම එහි සේවකයෙක් වී සිටිමි. 26ඒ පණිවුඩය, කාල වකවානු හා පරම්පරා ගණනාවක් තිස්සේ රහසිගත ව තිබූ නමුදු, දැන් ශුද්ධවන්තයනට හෙළි කර ඇති අබිරහසයි. 27අන්‍ය-ජාතීන් අතරේ මෙම අබිරහසේ තේජාන්විත සම්පත කොතෙක්දැයි ඔවුන්ට දැන්වීමට දෙවියන්වහන්සේ තීරණ කළ සේක. ඒ තේජසේ බලාපොරොත්තුව ඔබ තුළ සිටින ක්‍රිස්තුස්වහන්සේ ය.
28එබැවින් හැම කෙනකු ම ක්‍රිස්තුස්වහන්සේ තුළ සම්පූර්ණත්වයෙන් දෙවියන්වහන්සේට පිළිගන්වනු පිණිස, අපි මුළු ප්‍රඥාවෙන් යුතු ව හැම කෙනකුට ම ගුරුහරුකම් දෙමින් ද හැම කෙනකුට ම උගන්වමින් ද ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කරන්නෙමු. 29එම අරමුණ ඉටු කරනු සඳහා මම, මා තුළ බලවත් ව ක්‍රියා කරන උන්වහන්සේගේ උපරිම ශක්තියෙන් යුතු ව මහත් පරිශ්‍රමයෙන් වෙහෙස දරන්නෙමි.
Currently Selected:
කොලොස්සි 1: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: