YouVersion Logo
Search Icon

ආමෝස් 7:10-13

ආමෝස් 7:10-13 SCV

එකල, බෙතෙල්හි පූජක අමසියා, ඉශ්‍රායෙල් රජු වන යෙරොබොවම් වෙත පණිවුඩයක් යවමින්, “ආමෝස්, ඔබට එරෙහිව මේ ඉශ්‍රායෙල් වංශය අතරේ කුමන්ත්‍රණයක් දියත් කරයි. ඔහුගේ සියලු වචන දේශයට දරන්නට බැරි ය. ආමෝස් කියා ඇත්තේ: “ ‘යෙරොබොවම් කඩු පහරින් මියෙනු ඇත; ඉශ්‍රායෙල් තමන්ගේ මවු බිමෙන් පිටතට, වහල්කමට යා යුතු ව ඇත යනුවෙනි’ යි” පැවසී ය. එවිට, ආමෝස් ඇමතූ අමසියා, “ඒයි පේනකාරයා, මෙහෙන් පලා යනු. යූදා දේශයට ආපසු ගොස්, එහිදී රොටි කනු. එහිදී ම නුඹේ දිවැසි වැකි පවසනු. එහෙත් මේ බෙතෙල්හි කිසි දින දිවැසි වැකි නො පවසනු. මන්ද මෙය රජ්ජුරුවන්ගේ ශුද්ධස්ථානයයි; රාජධානියේ දේව මන්දිරය යැ” යි කීවේ ය.

Free Reading Plans and Devotionals related to ආමෝස් 7:10-13