YouVersion Logo
Search Icon

ආමෝස් 7:1-9

ආමෝස් 7:1-9 SCV

පරමාධිපති ස්වාමින්වහන්සේ මට පෙන්නුම් කළේ මෙයයි: කන්නයේ ගොයම වැඩී එන කල, උන්වහන්සේ බුරුතු-බුරුතු පළඟැටියන් හටගන්වමින් සිටි සේක. මෙන්න! ඒ, රජුගේ අස්වනු කොටස නෙළන ලද පසු වැඩී ආ ගොයමයි. දේශයේ වූ තෘණ සියල්ල උන් කා දැමූ පසු, මම මෙසේ කීවෙමි. “පරමාධිපති ස්වාමින්වහන්ස, සමාවන්න! යාකොබ් නැගිට සිටින්නේ කොහොම ද? ඔහු ඉතා කුඩා ය!” එබැවින් ස්වාමින්වහන්සේ මේ ගැන අනුකම්පා කළ සේක: “එය සිදු නො වන්නේ යැ” යි ස්වාමින්වහන්සේ පැවසූ සේක. පරමාධිපති ස්වාමින්වහන්සේ මට පෙන්නුම් කළේ මෙයයි: මෙන්න! පරමාධිපති ස්වාමින්වහන්සේ විනිශ්චය පිණිස ගින්නට හඬ ගසමින් සිටි සේක. එයින් මහ ගැඹුර ගිලගත්තේ ය. ගොඩ බිම දා ගියේ ය. එවිට මම, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, නවත්වනු මැනවි. යාකොබ් නැගිට සිටින්නේ කොහොම ද? ඔහු ඉතා කුඩා යැ” යි කීවෙමි. එබැවින් ස්වාමින්වහන්සේ මේ ගැන අනුකම්පා කළ සේක: “එය සිදු නො වන්නේ යැ” යි පරමාධිපති ස්වාමින්වහන්සේ පැවසූ සේක. උන්වහන්සේ මට මෙසේ පෙන්නුම් කළ සේක: මෙන්න! ලඹයට අනුකූලව සෑදූ තාප්පයක් අද්දර, ස්වාමින්වහන්සේ ලඹයක් ද අතැතිව සිටගෙන හුන් සේක. ස්වාමින්වහන්සේ මා අමතමින්, “ඔබට පෙනෙන්නේ කුමක් ද ආමෝස්?” යැයි ඇසූ සේක. “ලඹයකැ” යි මම පිළිතුරු දුනිමි. එවිට ස්වාමින් කතා කරමින්, “මෙන්න! මම මගේ ජනයා වන ඉශ්‍රායෙල්වරුන් අතරේ ලඹය අල්ලා බලන්නෙමි. තවදුරටත් මම ඔවුන්ට කමා නො කරන්නෙමි. “ඊසාක්ගේ උස් තැන් පුදසුන් පාළුවට යැවේ; ඉශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධස්ථාන නටබුන් කෙරේ; යෙරොබොවම්ගේ වංශයට එරෙහිව, මම මගේ අසිපත අරා නැගී සිටිමි” යි පැවසූ සේක.

Free Reading Plans and Devotionals related to ආමෝස් 7:1-9