YouVersion Logo
Search Icon

ආමෝස් 6:4-6

ආමෝස් 6:4-6 SCV

නුඹලා, ඇත්දත් යහන්වල දිගා වෙමින්, කවිච්චි මත පහසුවෙන් කල් ගෙවති; රංචුවේ බැටළු පැටවුන්ගේ හා ගව පට්ටියේ වහු-පැටවුන්ගේ මසින් සප්පායම් වෙති. වීණා වැයුමට ඔහේ ගී ගයන නුඹලා දාවිත් මෙන් සංගීත භාණ්ඩ වැයුමට ලොල් වෙති. බඳුන් පුරවා මිදි යුෂ පානය කරන නුඹලා, අනගිතම තෙල් ඇඟ ගල්වති. එහෙත්, නුඹලා යෝසෙප් වංශයේ විනාශය ගැන ශෝක වන්නේ නැත.