YouVersion Logo
Search Icon

ආමෝස් 2:6-8

ආමෝස් 2:6-8 SCV

ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “ඉශ්‍රායෙලයේ අපරාධ තුනක් සහ හතරක් නිසා, මම දඬුවම අහෝසි නො කරමි. මන්ද ඔවුහු ධර්මිෂ්ඨයින් රිදීවලට විකුණති; පාවහන් සඟලක් නිසා දුප්පතුන් විකුණති. ඔවුහු පොළොවේ දූලි පාගන්නා සේ, දුප්පතුන්ගේ හිස්-ගෙඩි පාගති; පීඩිතවූවන්ගෙන් යුක්තිය වළකති. පිය-පුතු දෙදෙනා ම එක කෙල්ලක වෙත එළැඹ, මගේ ශුද්ධ නාමය කෙලෙසති. උගසට ගත් වස්ත්‍ර එළාගෙන, ඔවුන් හැම පූජාසනයක් පසෙක ම දිගා වන්නේ ය; දඩ වශයෙන් ලබා ගත් මිදි යුෂ තම දෙවියන්ගේ ගෘහයේදී පානය කරන්නේ ය.