ක්‍රියා 9:10-15
ක්‍රියා 9:10-15 SCV
දමස්කයේ අනනියස් නම් ගෝලයෙක් සිටියේ ය. ස්වාමින්වහන්සේ දර්ශනයකින් ඔහු අමතමින්, “අනනියස්” යයි කී සේක. “එසේය ස්වාමිනි” යි ඔහු පිළිතුරු දුන්නේ ය. එවිට ස්වාමින්වහන්සේ, “යන්න! සෘජු නම් වූ වීදියේ යූදස්ගේ ගෙදරට ගොස්, තාර්සස් සිට පැමිණි සාවුල් නැමැත්තා ගැන විමසන්න. අන්න! ඔහු යාච්ඤා කරමින් සිටී. අනනියස් නැමැත්තෙක් තමන් වෙත අවුත්, නැවත පෙනීම ලැබෙන පිණිස, තමන් මත අත් තබනු ඔහු දර්ශනයකින් දුටුවේ යැ” යි ඔහුට පැවසූ සේක. අනනියස් පිළිතුරු දෙමින්, “ස්වාමිනි, ඔබගේ ශුද්ධවතුන්ට යෙරුසලමේදී මේ මිනිසා කළ වින්නැහිය ගැන බොහෝ දෙනකුගෙන් මා අසා තියෙනවා. ඔහු මෙහි ඇවිත් සිටින්නේ, ඔබගේ නාමයෙන් අයදින්නන් සිරබාරයට ගැනීමට නායක පූජකයින්ගේ බලතල ඇති ව යැ” යි පැවසී ය. එහෙත් ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “යන්න! මේ මනුෂ්‍යයා අන්‍ය-ජාතීන් ද රජුන් ද ඉශ්‍රායෙල් ජනයා ද වෙත මගේ නාමය ගෙන යෑමට තෝරා ගන්නා ලද මගේ උපකරණයකි





