YouVersion Logo
Search Icon

ක්‍රියා 8:6-13

ක්‍රියා 8:6-13 SCV

පිලිප් කී දෑ ඇසූ, ඔහු කළ හාස්කම් දුටු සමූහයා, ඔහු පැවසූ දෑට එකාවන් ව අවධානය යොමු කළහ. මර හඬ නගමින්, අශුද්ධාත්ම ඔවුන් ආවේශ ව සිටි බොහෝ දෙනකුගෙන් දුරුව ගියහ. අංසබාග රෝගීහු ද කොරු ද බොහෝ දෙනෙක් සුව කරන ලදහ. එබැවින් ඒ නගරයේ මහා ප්‍රීතියක් හට ගැනිණි. කලක් මන්තර විජ්ජා මගින් මුළු සමාරි ජනයා විස්මපත් කළ සීමොන් නම් මිනිසෙක් මේ නගරයේ විසී ය. තමා මහ උත්තමයෙකැයි ඔහු තමන් ගැන ම පුරසාරම් දෙඩී ය. ඒ නගරයේ විසූ උස් පහත් සැවොම ඔහුට ගරු සැලකිලි දක්වමින්, “ ‘ප්‍රභූ’ නම් දෙවියන්ගේ බලය මොහු යැ” යි පැවසූහ. ඔවුන්, ඔහුට ගරු සැලකිලි දැක්වූයේ බොහෝ කලක් ම මන්තර විජ්ජා මගින් ඔහු ජනයා පුදුමයට පත් කළ බැවිනි. එහෙත් පිලිප් දෙවියන්වහන්සේගේ රාජ්‍යය හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ගැන ශුභාරංචිය දේශනා කළ විට, ඔවුහු ඔහු විශ්වාස කළහ; ගැහැණු හා පිරිමි දෙගොල්ල ම බව්තීස්ම කරන ලදහ. සීමොන් ද විශ්වාස කර, බව්තීස්ම කරනු ලැබී ය. පිලිප් යන යන තැන ඔහු පසු පස ගිය හෙතෙම, පිලිප් දැක් වූ බලවත් ලකුණු හා හාස්කම් දකිමින් විස්මපත් වූයේ ය.

Free Reading Plans and Devotionals related to ක්‍රියා 8:6-13