YouVersion Logo
Search Icon

ක්‍රියා 8:32-35

ක්‍රියා 8:32-35 SCV

ඔහු කියවමින් සිටි ශුද්ධ ලියවිලි පාඨය නම්: “මරන්නට ගෙන යන බැටළුවකු විලස, ලොම් කපන්නන් අබියස බැටළු පැටවකු නිහඬ ව සිටින විලස, එතුමන් තම මුව විවර කළේ නැත. එතුමන්ගේ යටහත් පහත්වීමේදී යුක්තිය එතුමන්ට අහිමි කෙරිණි; එතුමන්ගේ පෙළපත ගැන කවරකුට කිව හැකි ද? මන්ද එතුමන්ගේ ජීවිතය පොළොවෙන් පහ කරනු ලැබිණ.” නපුංසකයා පිලිප් අමතමින්, “දිවැසිවරයා මේ පවසන්නේ කවුරුන් ගැන ද? තමා ගැන ද? නැති නම් වෙනත් කෙනකු ගැනදැයි මට කියන්නැ” යි පැවසී ය. එවිට එම ශුද්ධ ලියවිලි වැකියෙන් තම කතාව ඇරඹූ පිලිප්, යේසුස්වහන්සේ පිළිබඳ ශුභාරංචිය ඔහුට පැවසී ය.