YouVersion Logo
Search Icon

ක්‍රියා 7:17-22

ක්‍රියා 7:17-22 SCV

“දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉටු කිරීමේ කාලය ආසන්න වෙත් ම, ඊජිප්තුව තුළ වූ අපේ ජන සංඛ්‍යාව අධික ව වර්ධන වූ අතර, ‘යෝසෙප් පිළිබඳ අවබෝධයක් නැති වෙනත් රජෙක් ඊජිප්තුවේ රජකමට පත් වූයේ ය.’ ඔහු අපේ ජනතාවට එරෙහිව කූට උපා යොදමින්, ඔවුන්ගේ බිළිඳු දරුවන් ජීවත් නො වන පිණිස ඔවුන් ගෙවලින් පිටත දමන ලෙස බල කරමින්, අපේ පියවරුනට කුරිරුකම් කළේ ය. “මෝසෙස් උපන්නේ මෙම වකවානුවේදී ය. ඔහු දෙවියන්වහන්සේ ඉදිරියේ ප්‍රසන්න දරුවෙක් විය. ඔහු තුන් මසක් තම පියාගේ නිවසේ වැඩිණි. ගෙයින් පිටතට ඔහු දැමූ කල, පාරාවෝගේ දූ කුමරි ඔහු රැගෙන ගොස්, තම පුත්‍රයා ලෙස ඔහු හදා-වඩා ගත්තා ය. ඊජිප්තුවරුන්ගේ සියලු ශිල්ප ශාස්ත්‍රය උගන්වනු ලැබ, මෝසෙස් කතාවෙහි ද ක්‍රියාවෙහි ද ප්‍රබලයකු ව සිටියේ ය.

Free Reading Plans and Devotionals related to ක්‍රියා 7:17-22