YouVersion Logo
Search Icon

ක්‍රියා 5:26-32

ක්‍රියා 5:26-32 SCV

එවිට ප්‍රධාන ආරක්ෂක නිලධාරියා, සෙසු නිලධාරීන් සමඟ පිටත් ව ගොස්, අපෝස්තුලුවරුන් කැඳවාගෙන ආවේ ය. එහෙත් ජනයා තමනට ගල් ගසතැයි බියෙන් ඔවුහු ඔවුන් කැටිව ආයේ, කිසිදු බලහත්කාරයක් නො පාමිනි. මෙසේ අපෝස්තුලුවරුන් මන්ත්‍රණ සභාව ඉදිරියට පැන වූ පසු, උත්තම පූජකයා ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නට වන්නේ ය. “මේ නාමයෙන් ජනතාවට නූගන්වන ලෙස අපි නුඹලාට තරයේ ම නියෝග කළෙමු. එහෙත් නුඹලා, නුඹලාගේ ඉගැන්වීම්වලින් මුළු යෙරුසලම් නගරය ම පුරවා, මේ මිනිසාගේ ලේ ගැන අප වරදකරුවන් කරන්නට අදහස් කරති” යි කීවේ ය. පේතෘස් ද අනෙක් අපෝස්තුලුවරු ද පිළිතුරු දෙමින්, “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට වඩා දෙවියන්වහන්සේටයි. ඔබ විසින් ගසක එල්ලා මරා දමන ලද යේසුස්වහන්සේ, අපගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ නැගිට වූ සේක. ඉශ්‍රායෙල් ජනයාට පසුතැවිල්ලත්, පාප කමාවත් දෙන පිණිස උන්වහන්සේ අධිපතියාණන් ද ගැලවුම්කරුවාණන් ද කොට දෙවියන්වහන්සේ ස්වකීය දකුණු පසට උන්වහන්සේ උසස් කළ සේක. අපියි මේවාට සාක්ෂිකරුවෝ; තමන්වහන්සේට කීකරු වන්නන් හට දෙවියන්වහන්සේ ප්‍රදාන කළ ශුද්ධාත්මයාණෝත් සාක්ෂි වන සේකැ” යි කීහ.

Free Reading Plans and Devotionals related to ක්‍රියා 5:26-32