ක්රියා 4:1-4
ක්රියා 4:1-4 SCV
ඔවුන් ජනතාව අමතමින් සිටියදී, පූජකවරු ද දේව මාලිගයේ ප්රධාන ආරක්ෂක නිලධාරියා ද සද්දුසිවරු ද ඔවුන් වෙත කඩා වැදුණහ. ඔවුන් බෙහෙවින් කැලඹී සිටියේ ඒ දෙදෙනා ජනයාට උගන්වමින්, යේසුස්වහන්සේ තුළ මළවුන්ගෙන් නැගිටීම ප්රකාශ කළ නිසා ය. ඔවුහු, ඔවුන් අත්අඩංගුවට ගෙන, ඒ වන විට සවස් වී තිබූ බැවින්, පසු දින තෙක් ඔවුන් සිර අඩස්සියේ තැබූහ. එසේ වුව ද, වචනය ඇසූ බොහෝ දෙනෙක් අදහා ගත්හ. ඒ මිනිසුන්ගේ ගණන පන්දහසක් පමණ විය.





