ක්‍රියා 25:7-12
ක්‍රියා 25:7-12 SCV
ඔහු පැමිණි පසු, යෙරුසලමේ සිට ආ යුදෙව්වරු, ඔහු වටකර, තමනට කිසි සේත් ඔප්පු කළ නො හැකි බරපතළ චෝදනා රැසක් ඔහුට එරෙහිව නගන්නට වූහ. පාවුල් සිය නිදහසට කරුණු දක්වමින්, “යුදෙව්වරුන්ගේ ව්‍යවස්ථාවට විරුද්ධ ව හෝ දේව මාලිගාවට විරුද්ධ ව හෝ සීසර්ට විරුද්ධ ව මා කිසි වරදක් කර නැතැ” යි කීවේ ය. එහෙත් යුදෙව්වරුන් සතුටු කරන්නට කැමති වූ පෙස්තුස් පාවුල් අමතමින්, “හොඳයි, යෙරුසලමට ගොස්, මා ඉදිරියේ මේ චෝදනා ගැන නඩු විභාගයට සූදානම් දැ?” යි ඇසී ය. පාවුල් පිළිතුරු දෙමින්, “මා සිටින්නේ සීසර්ගේ අධිකරණය ඉදිරියේයි. මා විනිශ්චය කළ යුත්තේ මෙහිදීයි. ඔබ හොඳින් ම දන්නා පරිදි යුදෙව්වරුන්ට මා කිසි වරදක් කර නැත. එහෙත් මා මරණ දඬුවමට සුදුසු වරදකරුවකු වේ නම්, මරණය ප්‍රතික්ෂේප නො කරමි. එහෙත් මට විරුද්ධ ව මේ යුදෙව්වරුන් නගන චෝදනා අසත්‍ය නම්, ඔවුන් අතට මා පාවා දීමේ අයිතියක් කිසිවකුටත් නැත. මම සීසර්ගේ විනිශ්චය ඉල්ලමි” යි කීවේ ය. එවිට පෙස්තුස් තම උපදේශක මණ්ඩලය සමඟ සාකච්ඡා කොට, “ඔබ සීසර්ගේ විනිශ්චය ඉල්ලුවේ ය; සීසර් වෙත ඔබ යනු ඇතැ” යි ප්‍රකාශ කළේ ය.



![[Acts Inspiration For Transformation Series] Fight The Good Fight ක්‍රියා 25:7-12 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F15127%2F1440x810.jpg&w=3840&q=75)

