YouVersion Logo
Search Icon

ක්‍රියා 23:9-11

ක්‍රියා 23:9-11 SCV

ඔවුන්ගේ කලහකාරී ඝෝෂාව වඩ වඩා උත්සන්න වෙද්දී, පරිසීන්ගේ පිලට අයත් දහම් පඬිවරු ඇතැම් දෙනෙක් සභාව මැද නැගිට, තරයේ තර්ක කරමින්, “අපට මේ මිනිසා අත කිසි වරදක් නො පෙනේ. යම් ආත්මයක් හෝ දේව දූතයෙක් හෝ ඔහුට කතා කළා නම් මොක දැ?” යි ඇසූහ. දෙපිලේ විවාදය කෙතරම් සැහැසි වී ද යත්, ඔවුහු පාවුල් කීතු කීතුවලට ඉරා දමතියි සෙන්පතියා බය විය. එබැවින් ඔහු ඔවුන් අතරට ගොස්, බලයෙන් ම ඔවුන් වෙතින් පාවුල් ඉවත් කර ගෙන, කඳවුරට ගෙන යන ලෙස හේවායිනට අණ දුන්නේ ය. එදින රාත්‍රියේ ස්වාමින්වහන්සේ පාවුල් අසලින් සිට, ඔහු අමතමින්, “ධෛර්යය වඩවා ගන්න; යෙරුසලමේදී ඔබ මා ගැන සාක්ෂි දැරූ ලෙස ම රෝමයේදීත් සාක්ෂි දැරිය යුතු යැ” යි පැවසූ සේක.

Free Reading Plans and Devotionals related to ක්‍රියා 23:9-11