YouVersion Logo
Search Icon

ක්‍රියා 22:22-30

ක්‍රියා 22:22-30 SCV

පාවුල් එසේ කියන තෙක් සමූහයා ඔහු කී දේ අසා සිටියහ. එවිට ඔවුහු උස් හඬින් කෑ ගසමින්, “මොහු පොළොවෙන් සිඳ දමව්! ඔහු ජීවත් වෙන්නට සුදුසු නැතැ” යි ඝෝෂා කරන්නට වන්හ. ඔවුහු කෑ ගසන්නට හා කබා ඉහළ වීසි කරමින්, ධූලි දමා ගසන්නට වන් කල, කඳවුර තුළට පාවුල් ගෙන යන ලෙස නියෝග කළ සෙන්පති, ඔහුට එරෙහිව ජනයා මෙලෙස කෑ-කෝ ගැසීමේ හේතු කවරේදැයි දැනගැනීමට ඔහුට කස පහර දී, ප්‍රශ්න කරන්නට උපදෙස් දුන්නේ ය. කස පහර දෙන්නට ඔවුන් ඔහු බැඳ දැමූ කල, එතැන සිටි සියයේ සෙන්පති ඇමතූ පාවුල්, “විභාගයක් නො පවත්වා රෝම පුරවැසියකුට කස පහර දීම නිත්‍යානුකූල දැ?” යි ඇසී ය. ඒ ඇසූ එම නිලධාරියා සෙන්පති වෙත ගොස්, ඒ වග දැනුම් දෙමින්, “මොකක් ද ඔබ මේ කරන්නට යන්නේ? ඒ මනුෂ්‍යයා රෝම පුරවැසියෙකැ” යි කීවේ ය. එවිට සෙන්පති පාවුල් වෙත අවුත්, “මට කියන්න; ඔබ රෝම පුරවැසියෙක් දැ?” යි ඇසී ය. “එසේ යැ” යි පාවුල් පිළිතුරු දිණි. එවිට සෙන්පති, “රෝම පුරවැසිකම ලබා ගන්නට විශාල මුදලක් වැය කරන්නට මට සිදු වුණා” යි කීවේ ය. “මා උපතින් ම පුරවැසියෙක්” යැයි පාවුල් පිළිතුරු දුන්නේ ය. පාවුල්ගෙන් ප්‍රශ්න කරන්නට සිටි අය පසුබැස, වහා ඉවත් ව ගියහ. රෝම පුරවැසියකු වූ පාවුල් යදමින් බැඳීම ගැන සිහි කළ සෙන්පති ද තැති ගත්තේ ය. යුදෙව්වරුන් පාවුල්ට චෝදනා කළේ කවර හෙයින්දැයි නිසැක ව ම දැනගන්නට පසු දා සෙන්පතිට වුවමනා වූයෙන්, පාවුල්ගේ බැඳුම් මුදා හළ හෙතෙම, නායක පූජකයින් හා මන්ත්‍රණ සභික සියල්ලන් රැස් කරවා, පාවුල් කැඳවා ඔවුන් ඉදිරියේ ඔහුට සිටගන්නට සැලැස්වී ය.

Free Reading Plans and Devotionals related to ක්‍රියා 22:22-30