YouVersion Logo
Search Icon

ක්‍රියා 22:1-5

ක්‍රියා 22:1-5 SCV

“සහෝදරයිනි, පියවරුනි, මා නිදහසට කියන කරුණුවලට සවන් දෙන්න.” ඔහු හෙබ්‍රෙව් බසින් කතා කරනු ඇසූ ඔවුහු නිශ්ශබ්ද වූහ. පාවුල් කතා කරන්නට වන්නේ ය: “මා යුදෙව්වරයෙක්; සිලිසියාහි තාර්සස්වල උපන් නමුදු මා හැදුනේ වැඩුනේ මේ නගරයේ. ගමාලියෙල්ගේ පාමුල අපේ පියවරුන්ගේ නීති සංග්‍රහයේ නියම පිළිවෙළේ හැටියට ම උගන්වනු ලැබ, මා සිටියේ අද දවසේ ඔබ හැම වගේ දෙවියන්වහන්සේ කෙරේ දැල්වුණු උද්යෝගයකින්. මෙම ධර්ම-මාර්ගය අනුව ගිය ස්ත්‍රී, පුරුෂ දෙගොල්ල ම අත්අඩංගුවට ගනිමින්, ඔවුන් සිර ගෙවල දමමින්, ඔවුන් මැරෙන තුරු මා ඔවුන්ට හිංසා-පීඩා කළා. උත්තම පූජකයාත්, මන්ත්‍රණ සභික සැවොමත් ඊට සාක්ෂියි. දමස්කයේ සිටින ඔවුන්ගේ සහෝදරයින් වෙත ඔවුන්ගෙන් ලිපි ඉල්ලා ගෙන, මා එහි ගියේ ඒ මිනිසුන් සිරබාරයට ගෙන, දඬුවම් කරන පිණිස ඔවුන් යෙරුසලම වෙත ගෙන එන්නටයි.

Free Reading Plans and Devotionals related to ක්‍රියා 22:1-5