ක්‍රියා 21:35-40
ක්‍රියා 21:35-40 SCV
පාවුල් එහි වූ පඩි පෙළට ළං වූ කල, කලහකාරී පිරිස කෙතරම් සැහැසි වූවෝ ද යත් පාවුල් ඔසවාගෙන යෑමට හමුදා භටයින්ට සිදු විණි. සෙනඟ ද ඒ පසු පස්සේ ම යමින්, “ඔහු නැති කර දමව්” කියමින් කෑ ගසන්නට වන්හ. හේවායින් කඳවුර තුළට තමා ගෙන යෑමට සැරසෙද්දී, සෙන්පති ඇමතූ පාවුල්, “ඔබට වචනයක් කියන්න අවසර දැ?” යි ඇසී ය. එවිට සෙන්පති, “හෝ! ඔබ ග්‍රීක් බස දන්නවා ද? කලකට පෙර කැරැල්ලක් සංවිධාන කර මිනී මරුවන් හාරදහසක් ගෙන පාළුකරයට වැදුණු ඊජිප්තුවා ඔබ නො වේ දැ?” යි ඇසී ය. පාවුල් පිළිතුරු දෙමින්, “මා යුදෙව්වරයෙක්, සිලිසියාවේ කීර්තිමත් නගරයක් වන තාර්සස්හි පුරවැසියෙක්. ජනතාව අමතන්නට මට ඉඩ දෙන්නැ” යි කීවේ ය. සෙන්පති තැන ඊට අවසර දුන් කල, පඩි පෙළ මත සිටගත් පාවුල් නිසල වන ලෙස ජනයාට සංඥා කළේ ය. ඔවුන් සැම නිසල වූ කල පාවුල් හෙබ්‍රෙව් බසින් ඔවුන් අමතන්නට වන්නේ ය.



![[Acts Inspiration For Transformation Series] The Unstoppable Force Of The Gospel ක්‍රියා 21:35-40 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F15126%2F1440x810.jpg&w=3840&q=75)

