ක්‍රියා 20:13-17
ක්‍රියා 20:13-17 SCV
කලින් නැව් නැගුණු අප අසොස් දක්වා යාත්‍රා කළේ, එහිදී පාවුල් නැවට නංවා ගැනීමට ය; මන්ද පා ගමනින් එහි ගිය පාවුල් එසේ කිරීමට සැලසුම් කර තිබිණි. අසොස්හි දී ඔහු හමුව නැවට ඔහු නංවා ගත් අපි, මිතුලේනට ගියෙමු. පසු දා එතැන් සිට යාත්‍රා කර, කියොස් ඉදිරිපිටට පැමිණියෙමු; පසු දින සාමෝස් වෙත ළඟා වී, ඊට පසු දින මිලේතස වෙත පැමිණියෙමු. ආසියා කලාපයේ කල් ගත කිරීමෙන් වැළකී, එපීසය පසු කර යාත්‍රා කිරීමට පාවුල් තීරණ කළේ, හැකි වෙතොත් පෙන්තකොස්ත දවසට කලින් යෙරුසලමට ළඟා වීමට ඔහු ඉක්මන් කළ බැවිනි. ඔහු මිලේතස සිට එපීස සභා-මූලිකයින් කැඳවා පණිවුඩ යැවී ය.


![[Acts Inspiration For Transformation Series] The Unstoppable Force Of The Gospel ක්‍රියා 20:13-17 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F15126%2F1440x810.jpg&w=3840&q=75)


