YouVersion Logo
Search Icon

ක්‍රියා 2:41-47

ක්‍රියා 2:41-47 SCV

පේතෘස්ගේ වචනය පිළිගත් අය බව්තීස්ම කරනු ලැබූහ. තුන්දහසක් පමණ දෙනෙක් එදින ඔවුන්ට එකතු කරන ලදහ. ඔවුහු අපෝස්තුලුවරුන්ගේ ඉගැන්වීමට හා සහභාගිත්වයට ද රොටි කැඩීමට හා යාච්ඤාවට ද තුමූම කැප වූහ. හැම කෙනෙක් ම ගෞරවාන්විත භීතියකින් පිරී ගියහ. අපෝස්තුලුවරුන් අතින් බොහෝ පුදුම ද අනුහස් ලකුණු ද සිදු විය. සියලු ඇදහිලිවත්හු එක්සත් ව, සියලු දේ සාමුහික ව භුක්ති වින්දහ. ඔවුහු තමන් සතු දේපළ හා භාණ්ඩ විකුණා, අවශ්‍යතා ඇතියවුන් සමඟ බෙදා හදා ගත්හ. ඔවුහු දිනපතා එක්සිත් ව දේව මාලිගයේ එක් රැස් වෙමින් ද තම නිවෙස්හි දී රොටි කඩමින් ද ප්‍රීතියෙන් හා අවංක සිතින් එක් ව අහර ගත්තේ, දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින් හා හැමදෙනාගේ හොඳ හිත දිනා ගනිමිනි. ස්වාමින්වහන්සේ ද ගැලවීම ලබන්නන් දිනපතා ම ඔවුන්ගේ කණ්ඩායමට එක් කළ සේක.