YouVersion Logo
Search Icon

ක්‍රියා 18:1-3

ක්‍රියා 18:1-3 SCV

මින් අනතුරුව පාවුල් ඇතන්ස් අත්හැර කොරින්තිය බලා ගියේ ය. අකිලා නම් යුදෙව්වරයෙක් එහිදී ඔහුට මුණ ගැසිණි. පොන්තස් වැසියකු වූ හෙතෙම කලක් ඉතාලියේ විසූවෙකි. සියලු යුදෙව්වරුන් රෝමයෙන් පිට මං විය යුතු බවට ක්ලෝදියස් නියෝග කර තිබූ බැවින්, ඔහු තම භාර්යාව වූ ප්‍රිස්කිලා සමඟ මෑතකදී කොරින්තිය වෙත පැමිණ සිටියේ ය. පාවුල් ඔවුන් මුණගැසෙන්නට ගියේ ය. ඔහු ද ඔවුන් ද එක ම කර්මාන්තය කළ තැනැත්තන් බැවින් ඔහු ඔවුන් සමඟ නැවතී, වැඩ කළේ ය. ඔවුන්ගේ වෘත්තිය කූඩාරම් සෑදීම ය.

Free Reading Plans and Devotionals related to ක්‍රියා 18:1-3