ක්‍රියා 15:36-41
ක්‍රියා 15:36-41 SCV
කීප දවසකට පසු පාවුල්, බාර්ණබස් අමතමින්, “අපි ස්වාමින්වහන්සේගේ වචනය දේශනා කළ නගර සියල්ලට ආපසු ගොස්, ඒවායේ සහෝදරයින් බැහැදැක, ඔවුන් කෙලෙස කටයුතු කරන්නේදැයි සොයා බලමු” යි යෝජනා කළේ ය. තමන් සමඟ මාර්ක් නම් ලත් යොහන් කැඳවාගෙන යෑමට බාර්ණබස්ට ඕනෑ විය. එහෙත් පාවුල් ඊට විරුද්ධ වූයේ වරක් ඔහු පම්පිලියෙහි දී ඔවුන් අත්හැර යෑම නිසාත්, ඔවුන් හා එක් ව කටයුතු නො කිරීම නිසාත් ය. මෙසේ පාවුල් හා බාර්ණබස් දෙපසට වෙන් කිරීමට තරම් වූ තියුණු මත-භේදයක් පැන නැගිණි. බාර්ණබස් තමා සමඟ මාර්ක් ගෙන සයිප්‍රස් බලා නැවෙන් ගියේ ය. එහෙත් තමා හා යෑමට සීලස් තෝරාගත් පාවුල්, සහෝදරයින් විසින් ස්වාමින්වහන්සේගේ අනුග්‍රහයට භාර දෙන ලදුව පිටත් වී, සභා සවිමත් කරමින් සිරියා හා සිලිසියා හරහා ගමන් ගත්තේ ය.





