ක්‍රියා 13:15-23
ක්‍රියා 13:15-23 SCV
ව්‍යවස්ථාවෙන් හා දිවැසිවරුන්ගෙන් කියවූ පසු, සිනගෝග නිලධාරීහු ඔවුන්ට පණිවුඩයක් එවමින්, “සහෝදරයිනි, ජනයා දිරිගන්වන යම් උපදෙසක් ඇතොත් පවසන්නැ” යි දැන්වූහ. එකල, අසුනින් නැගී සිටි පාවුල් සභාවට අතින් සංඥා කර, කතා කරන්නට වන්නේ ය: “ඉශ්රායෙල් ජනයිනි, දෙවියන්වහන්සේට භය ඇත්තනි, මට සවන් දෙන්න. ඉශ්රායෙල් ජනයාගේ දෙවියන්වහන්සේ, අප ආදි පියවරුන් තෝරා ගෙන, ඔවුන් ඊජිප්තු දේශයේ සිටියදී, ඔවුන් සමෘද්ධ කර, වික්‍රමාන්විත බලයකින් එම දේශයෙන් පිටතට ඔවුන් ගෙන ආ සේක. උන්වහන්සේ වසර හතළිහක් පමණ පාළුකරයේ ඔවුන්ගේ ගති පැවතුම් ඉවසූ සේක. උන්වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශ කර, ඔවුන්ගේ දේශය තම ජනයාට උරුමයක් කොට දුන් සේක. මේ සියල්ල සිදුවීමට වසර හාරසිය පනහක් පමණ ගත විය. “අනතුරුව, දිවැසිවර සාමුවෙල්ගේ කාලය තෙක්, උන්වහන්සේ ඔවුන්ට විනිශ්චයකරුවන් දුන් සේක. ඉන්පසු ජනයා තමන්ට රජකු ඉල්ලා සිටියෙන්, දෙවියන්වහන්සේ බෙන්යමින් වංශික කීෂ්ගේ පුත්‍ර සාවුල් හතළිස් වසරකට ඔවුන්ට දුන් සේක. ඉන්පසු සාවුල් ඉවත් කළ උන්වහන්සේ, රජකමට දාවිත් පත් කළ සේක. උන්වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින්: ‘මගේ හදවතට එකඟ යෙස්සේගේ පුත්‍ර දාවිත් මම සොයා ගතිමි; ඔහු මුළුමනින් මගේ කැමැත්ත කරනු ඇතැ’ යි පැවසූ සේක. “මෙම මිනිසාගේ පරපුරෙන් දෙවියන්වහන්සේ ස්වකීය පොරොන්දුව ලෙස ඉශ්රායෙල් ජනයාට ගැලවුම්කරුවාණන් වූ යේසුස්වහන්සේ ලබා දුන් සේක.





