YouVersion Logo
Search Icon

ක්‍රියා 13:1-4

ක්‍රියා 13:1-4 SCV

අන්තියෝකියේ සභාවේ දිවැසිවරු හා ගුරුවරු වූහ. ඔවුහු නම්, බාර්ණබස්, නීගර් නමින් හැඳින් වූ සිමියොන්, සිරේනියානු ලුසියස්, හෙරෝද් ප්‍රාන්ත රජ සමඟ ඇතිදැඩි වූ මානායින් හා සාවුල් ය. ඔවුන් ස්වාමින්වහන්සේට නමස්කාර කරමින්, නිරාහාර ව සිටි අවස්ථාවක, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුන් අමතමින්, “මා විසින් කැඳවනු ලැබූ සේවාව සඳහා බාර්ණබස් හා සාවුල් යන දෙදෙන මට වෙන් කරන්නැ” යි කී සේක. එබැවින් ඔවුහු නිරාහාර ව යාච්ඤා කර, ඔවුන් දෙදෙන පිට අත් තබා ඔවුන් පිටත් කර යැවූහ. මෙසේ ශුද්ධාත්මයාණන් විසින් යවන ලදුව, ඔවුහු සිලුකි වරාය වෙත අවුත්, එතැනින් නැව් නැග, සයිප්‍රස් බලා යාත්‍රා කළහ.

Free Reading Plans and Devotionals related to ක්‍රියා 13:1-4