YouVersion Logo
Search Icon

ක්‍රියා 12:1-5

ක්‍රියා 12:1-5 SCV

හෙරෝද් රජ එදවස්හි සභාවට අයත් ඇතැම් දෙනකුට පීඩා කරන්නට වන්නේ ය. ඔහු යොහන්ගේ සහෝදර යාකොබ් කඩුවෙන් මැරවී ය. එය යුදෙව්වරුන්ගේ සතුටට හේතු වූ බව දුටු ඔහු, ඉන් නො නැවතී පේතෘස් ද අත්අඩංගුවට ගත්තේ ය. එය සිදු වූයේ නුමුහුන් රොටි මංගල්‍යය අතර තුර ය. පේතෘස් අත්අඩංගුවට ගත් හෙරෝද්, ඔහු සිර ගෙයි දමා, ඔහු මුර කිරීමේ කාරිය, මුර භටයින් සිව් දෙනකු බැගින් යුතු මුර කණ්ඩායම් හතරකට පැවරී ය. පාස්කුවෙන් පසු ප්‍රසිද්ධියේ ඔහු විභාග කිරීම හෙරෝද්ගේ අදහස විය. පේතෘස් මෙසේ සිර අඩස්සියේ පසු විය; එහෙත් සභාව ඔහු උදෙසා දෙවියන්වහන්සේට උදක් ම යාච්ඤා කළහ.

Free Reading Plans and Devotionals related to ක්‍රියා 12:1-5