YouVersion Logo
Search Icon

ක්‍රියා 11:27-30

ක්‍රියා 11:27-30 SCV

මේ කාලයේ දිවැසිවරුන් කීප දෙනෙක් යෙරුසලමේ සිට අන්තියෝකිය වෙත පැමිණියහ. ඔවුන්ගෙන් කෙනෙක් වූ අගබස් නැමැත්තා ආත්මයාණන් මගින් අනාවැකි පවසමින්, රෝම අධිරාජ්‍යය පුරා මහත් සාගතයක් පැතිරෙන වග දැන්වී ය. (ක්ලෝදියස් අධිරාජයාගේ පාලන සමයේ මෙය සිදු විය.) එවිට ගෝලයෝ එකිනෙකා තම තමාගේ පුළුවන්කමේ හැටියට යුදයේ සිටි සහෝදරයනට සහනාධාර යැවීමට තීරණ කළහ. ඔවුහු එසේ කර, බාර්ණබස් හා සාවුල් අත යෙරුසලම් සභා-මූලිකයින් වෙත ඒවා යැවූහ.

Free Reading Plans and Devotionals related to ක්‍රියා 11:27-30