ක්‍රියා 1:1-3
ක්‍රියා 1:1-3 SCV
තියෝපිලස් මැතිතුමනි, මගේ පළමු ලියවිල්ලේ මා ලියුවේ, යේසුස්වහන්සේ සිදු කළ හා ඉගැන් වූ සියල්ල වූ උන්වහන්සේ සේවය ඇරඹූ දා පටන්, ස්වර්ගයට ඔසවා ගනු ලැබූ දවස දක්වා සිදුවීම් ය. ඔසවා ගනු ලැබීමට පෙර, උන්වහන්සේ තමන් තෝරාගත් අපෝස්තුලුවරුනට ශුද්ධාත්මයාණන්වහන්සේ මගින් අණ දුන් සේක. තම වධ විඳීමෙන් පසු, තමන් ම ඔවුන්ට ප්‍රකාශ වෙමින් තමන් ජීවත් ව සිටින බවට නිසැක සාක්ෂි රාශියක් උන්වහන්සේ දැක් වූ සේක. උන්වහන්සේ හතළිස් දවසක් අතර තුර ඔවුන් හමුවට එමින්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳව ඔවුන්ට කතා කළ සේක.





