2 තිමෝති 2
2
ආයාචනය අලුත් කිරීම
1මා දරුව, එබැවින් ඔබ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇති අනුග්රහයේ ශක්තිමත් වන්න. 2බොහෝ සාක්ෂිකරුවන් ඉදිරියේ මා පවසනු ඔබ අසා ඇති දෑ, අන් අයට ද ඉගැන්වීමට සමත් විශ්වාසී මනුෂ්‍යයින් අතට පත් කරන්න. 3ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ හොඳ හේවායකු වශයෙන් දුක් විඳීමට පංගුකාර වන්න. 4තමා බඳවා ගත් නිලධාරියා සතුටු කිරීමේ අරමුණ ඇති හේවායකු, සමාජයීය කටයුතුවල පටලැවෙන්නේ නැත. 5තරඟ නීතිවලට අනුව තරඟ වැදුණොත් මිස, ක්‍රීඩකයකු කිරුළ දිනන්නේ නැත. 6අස්වැන්නේ පළමු පංගුව ලැබිය යුත්තා වෙහෙසී වැඩ කළ ගොවියා ම ය. 7මා කියන දේ ගැන සිතා බලන්න. මන්ද හැම දෙයක් ගැන ම අවබෝධය ස්වාමින්වහන්සේ ඔබට දෙනු ඇත.
8මළවුන්ගෙන් නැගිටුවනු ලැබුවා වූ ද දාවිත්ගේ පරපුරින් පැවත ආවා වූ ද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සිහි කරන්න. මගේ ශුභාරංචිය මෙයයි. 9අපරාධකරුවකු සේ යදමින් බඳිනු ලැබ, මා පීඩා විඳින්නේ ඒ උදෙසා ය; එහෙත් දෙවියන්වහන්සේගේ වචනය බඳිනු ලැබ නැත. 10එබැවින් තෝරා ගත්තවුන් උදෙසා මා, හැම දෙයක් දරා ගන්නේ, සදාතන තේජස සමඟ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇති ගැලවීම ඔවුන් ද අත්කර ගනු පිණිස ය.
11මෙය විශ්වසනීය කියමනකි:
උන්වහන්සේ සමඟ අපි මැරුණෙමු නම්,
උන්වහන්සේ සමඟ අප ජීවත් වනු ද ඇත.
12අපි ඉවසන්නෙමු නම්,
උන්වහන්සේ සමඟ අප රජකම් ද කරනු ඇත.
අපි උන්වහන්සේ ප්‍රතික්ෂේප කරමු නම්,
අප ද ප්‍රතික්ෂේප කරනු ලබනු ඇත.
13අප අවිශ්වාසවන්ත වුව ද,
උන්වහන්සේ විශ්වාසවන්ත ව ම සිටින සේක.
මන්ද තමන් ව ම ප්‍රතික්ෂේප කරන්නට උන්වහන්සේට නො හැකි ය.
සාවද්‍ය ඉගැන්වීම්කරුවෝ
14මේ දෑ ඔවුන්ට මතක් කරන්න. වචන ගැන කලහ නො කිරීමට දෙවියන්වහන්සේ ඉදිරියේ ඔවුනට අණ කරන්න; එයින් කිසි හොඳක් සිදු නො වේ, අසා සිටින්නවුන් විනාශ වෙනවා පමණකි. 15සත්‍යතාවේ වචනය නිවැරදි ව හසුරුවන්න. ලජ්ජා වීමට කිසි හේතුවක් නැති වැඩකරුවකු සේ, පිළිගැනුණු කෙනකු සේ ඔබ, දෙවියන්වහන්සේට පිදෙන්නට වඩාත් උත්සාහ කරන්න. 16අභක්තික හිස් දෙඩවිලිවලින් වළකින්න. මන්ද ඒවා වඩ වඩාත් දේව අභක්තියට මිනිසුන් යොමු කරවයි. 17ඔවුන්ගේ කතා ඔඩු දුවන තුවාල මෙන් පැතිර යයි. ඔවුන් අතරින් හිමේනියස් හා පිලේතස් 18සත්‍යයෙන් බැහැර ව මංමුළා ව ගොසිනි. මළවුන්ගේ නැගිටීම දැනටමත් සිදුව ඇතැයි ඔවුහු කියති. මෙසේ ඔවුහු ඇතමුන්ගේ ඇදහිල්ල අවුල් කරති. 19එහෙත් දෙවියන්වහන්සේගේ ශක්තිමත් අත්තිවාරම මෙම මුද්‍රාව දරයි: “තමන්වහන්සේට අයිති කවුරුදැයි ස්වාමින්වහන්සේ දන්නා සේක”#2:19 ගණන් 16;5 සහ “ස්වාමින්වහන්සේගේ නාමය පිළිගන්නා හැම කෙනෙක් ම දුෂ්ටකමින් ඉවත හැරිය යුතු ය” යනුයි.
20මහ මන්දිරයක රන් හා රිදී බඩු පමණක් නො ව ලී හා මැටි බඳුන් ද තිබේ. ඇතැම් ඒවා ගරු අරමුණු සඳහා ය. ඇතැම් ඒවා නිගරු කටයුතු සඳහා ය. 21යමෙක් නිගරුව වෙතින් තමා පවිත්‍ර කර ගනී නම්, ඔහු ශුද්ධකමට පමුණු වන ලද්දාවූත්, ගෘහයේ ස්වාමියාණන්ට ප්‍රයෝජනවත් වූත්, හැම හොඳ වැඩකට ම සූදානම් වූත් ගෞරවණීය කටයුතු සඳහා වන බඳුනක් වන්නේ ය.
22තාරුණ්‍යයේ ආශා වෙතින් පලා යමින්, පිරිසිදු හදවතින් ස්වාමින්වහන්සේ අමතන්නවුන් සමඟ ධර්මිෂ්ඨකමත්, ඇදහිල්ලත්, ප්‍රේමයත්, සාමයත් ලුහුබැඳ යන්න. 23මෝඩ, අනුවණ වාදවලට සම්බන්ධ නො වන්න. ඒවායින් උපදින්නේ අඩ දබර බව ඔබ දනී. 24ස්වාමින්වහන්සේගේ සේවකයා දබර නො කළ යුතු ය. ඔහු හැමට කාරුණික, ඉගැන්වීමට සමත්, නපුරුකම් ඉවසන, 25විරුද්ධවාදීන්ට මෘදු ලෙස උපදෙස් දෙන්නකු විය යුතු ය. ඇතැම් විට, ඔවුන්ට සත්‍යය දැනගැනීමට මග පෙන්වන පසුතැවිල්ලට දෙවියන්වහන්සේ ඔවුන් පමුණුවනු ඇත. 26තවද, ඔවුන් හරි කල්පනාවට පැමිණ, ඔවුන් ලවා තම කැමැත්ත කර ගැනීමට ඔවුන් අල්ලා ගනු ලැබූ යක්ෂයාගේ උගුලෙන් බේරී පලා එන්නට ඔවුන්ට හැකි වනු ඇත.
Currently Selected:
2 තිමෝති 2: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: