2 තිමෝති 2:21-23
2 තිමෝති 2:21-23 SCV
යමෙක් නිගරුව වෙතින් තමා පවිත්‍ර කර ගනී නම්, ඔහු ශුද්ධකමට පමුණු වන ලද්දාවූත්, ගෘහයේ ස්වාමියාණන්ට ප්‍රයෝජනවත් වූත්, හැම හොඳ වැඩකට ම සූදානම් වූත් ගෞරවණීය කටයුතු සඳහා වන බඳුනක් වන්නේ ය. තාරුණ්‍යයේ ආශා වෙතින් පලා යමින්, පිරිසිදු හදවතින් ස්වාමින්වහන්සේ අමතන්නවුන් සමඟ ධර්මිෂ්ඨකමත්, ඇදහිල්ලත්, ප්‍රේමයත්, සාමයත් ලුහුබැඳ යන්න. මෝඩ, අනුවණ වාදවලට සම්බන්ධ නො වන්න. ඒවායින් උපදින්නේ අඩ දබර බව ඔබ දනී.





