2 තෙසලෝනික 2:1-3
2 තෙසලෝනික 2:1-3 SCV
යේසුස් ක්රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ ආගමනයත්, උන්වහන්සේ වෙතට අප එක් රැස් කරවීමත් පිළිබඳව සහෝදරයිනි, අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ, ස්වාමින්වහන්සේගේ දවස දැනට ම පැමිණ ඇතැයි දන්වමින්, යම් දිවැසි වැකියකින්, යම් පණිවුඩයකින් හෝ අප වෙතින් ආවේ යැයි කියන යම් ලිපියකින් හෝ වහා සසල නො වන ලෙසත්, තැති නො ගන්නා ලෙසත් ය. කිසි ලෙසකින් ඔබ රවටන්නට කිසිවකුට ඉඩ නො දෙන්න. පළමු ව මහා විරෝධයත්, නොපනත්කමේ මිනිසා හෙවත් විනාශයේ පුත්රයා ප්රකාශ වීමත් සිදුවන තුරු, ඒ දවස පැමිණෙන්නේ නැත.





