2 සාමුවෙල් 7:18-22
2 සාමුවෙල් 7:18-22 SCV
එවිට දාවිත් රජු ඇතුළට ගොස්, ස්වාමින්වහන්සේ ඉදිරිපිට හිඳගෙන මෙසේ පැවසී ය: “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබවහන්සේ මේ සා දුරකට මා ගෙන එන්නට මා කවරෙක් ද? මගේ පෙළපත මොකක් ද? අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබවහන්සේගේ ඇස් හමුවේ එසේ කිරීමෙන් නො නැවතුණු ඔබ, ඔබගේ සේවකයාගේ වංශයේ දුර අනාගතය ගැනත් කතා කළ සේක. එයත් අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, හුදෙක් මනුෂ්‍යයෙකුට ය. “ඔබවහන්සේට දාවිත් තව මොනවා කියන්න ද? මන්ද ඔබවහන්සේ ඔබගේ සේවකයා දන්නා සේක; අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබගේ පොරොන්දුව නිසා, ඔබගේ හදවතට අනුකූලව මේ මහත් දේ කළ ඔබවහන්සේ, ඔබගේ සේවකයාට එය දැනගන්නට සැලසූ සේක. “එබැවින් අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබවහන්සේ උතුම් ය! මන්ද ඔබ වැනි කෙනකු තවත් නැත. අපගේ කන්වලින් අප අසා ඇති පරිදි, ඔබ හැර අන් දෙවියන්වහන්සේ කෙනකු නැත.



![[Life of David] Dying Done: Bucket List Checked 2 සාමුවෙල් 7:18-22 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F33456%2F1440x810.jpg&w=3840&q=75)

