2 සාමුවෙල් 7:11-13
2 සාමුවෙල් 7:11-13 SCV
මගේ ඉශ්‍රායෙල් ජනයාට මා විනිසුරුවන් පත් කර දුන් කාලයේ මෙන් තවත් ඔවුන්ට පීඩා නො කරනු ඇත. ඔබේ සියලු සතුරන් වෙතින් මම ඔබට විවේකය දෙන්නෙමි. “ ‘එපමණක් නො ව, ස්වාමින්වහන්සේ ඔබට වංශයක් සාදා දෙන වග ස්වාමින්වහන්සේ ම ඔබට ප්‍රකාශ කරන සේක; ඔබේ දවස් සම්පූර්ණ වූ කල, ඔබේ පියවරුන් සමඟ ඔබ සැතපෙන කල, ඔබට පසුව ඔබේ ම ශරීරයෙන් පැවත එන ඔබේ ම දරුවකු ඔබේ තැන ගැනීමට නැගිටුවා, ඔහුගේ රාජ්‍යය ස්ථාපිත කරන්නෙමි. මගේ නාමයට ගෘහයක් ගොඩ නගන්නා ඔහු ය. ඔහුගේ රාජ්‍යයේ සිංහාසනය මම සදහට ම ස්ථාපිත කරන්නෙමි.





