2 සාමුවෙල් 5:17-19
2 සාමුවෙල් 5:17-19 SCV
ඉශ්‍රායෙල් රජු වශයෙන් දාවිත් ආලේප කරන ලද වග ඇසූ පිලිස්තිවරු සියල්ලෝ සම්පූර්ණ හමුදාව ඇතුව ඔහු සොයන්නට පිටත් ව ආහ. එහෙත් ඒ ඇසූ දාවිත් බළකොටුවට බැස ගියේ ය. මේ අතර පිලිස්තිවරු අවුත්, රෙෆායිවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියහ. එබැවින් දාවිත් ස්වාමින්වහන්සේගෙන් විචාරමින්, “මා ගොස්, පිලිස්තිවරුන්ට පහර දෙන්න ද? ඔබවහන්සේ මා අතට ඔවුන් හසුකර දෙන සේක් දැ?” යි ඇසී ය. ස්වාමින්වහන්සේ දාවිත්ට පිළිතුරු දෙමින්, “යන්න! මම සැබවින් ම පිලිස්තිවරුන් ඔබ අතට හසුකර දෙන්නෙමි” යි පැවසූහ.





