2 සාමුවෙල් 5:1-5
2 සාමුවෙල් 5:1-5 SCV
මුළු ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ, දාවිත් වෙත හෙබ්‍රොන්ට පැමිණ, ඔහු අමතමින්, “මෙන්න, අප ඔබේ ම ඇට හා මාංශයි. සාවුල් අපට රජකම් කළ ඉකුත් සමයේදීත්, ඉශ්‍රායෙල් යුධ මෙහෙයුම්වල පෙරමුණ ගත්තේ ඔබයි. ස්වාමින්වහන්සේ ඔබට කතා කොට, ‘ඔබ, මගේ ඉශ්‍රායෙල් ජනයාට එඬේරාණන් වනු ඇත; මගේ ඉශ්‍රායෙල් ජනයාගේ පාලකයා වන්නේ ය’ කියා කී සේකැ” යි කීහ. ඉශ්‍රායෙල් සියලු වැඩිහිටියන් හෙබ්‍රොන්හි රජු වෙත ආ කල, දාවිත් රජු හෙබ්‍රොන්හි දී ස්වාමින්වහන්සේ අබියස ඔවුන් සමඟ ගිවිසුමක් කළේ ය. ඔවුහු ඉශ්‍රායෙල් රජු වශයෙන් දාවිත් ආලේප කළහ. රජකමට පත් වන විට තිස් අවුරුදු වයස් ව සිටි දාවිත් අවුරුදු හතළිහක් රජකම් කළේ ය. ඔහු හෙබ්‍රොන්හි හත් අවුරුදු හය මසක් යූදා වෙත රජකම් කළේ ය. පසුව යෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක් මුළු ඉශ්‍රායෙල් හා යූදා කෙරේ රජකම් කළේ ය.





