YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 3:2-5

2 සාමුවෙල් 3:2-5 SCV

හෙබ්‍රොන්හි දී දාවිත්ට පුත්තු උපන්හ. ඔහුගේ කුලුඳුලා අම්නෝන් ය. ඒ යෙස්රෙයෙලීය අහිනොවම් බිහි කළ පුත්‍රයා ය. කිලෙයාබ් දෙවැන්නා ය. ඔහු කර්මෙලීය නාබාල්ගේ වැන්දඹුව වූ අබිගායිල් බිහි කළ පුත්‍රයා ය. අබ්සලොම් තෙවැන්නා ය. ය. ඔහු ගෙෂූර්හි රජු වූ තල්මයිගේ දියණිය වූ මයකා බිහි කළ පුත්‍රයා ය. අදොනීයා සිවුවැන්නා ය. ඔහු හග්ගීත් බිහි කළ පුත්‍රයා ය. ෂෙෆටියා පස්වැන්නා ය. ඔහු අබිටාල් බිහි කළ පුත්‍රයා ය. දාවිත්ගේ බිරිඳ වූ එග්ලා බිහි කළ ඉත්රෙයාම් සවැන්නා ය.