YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 24:18-24

2 සාමුවෙල් 24:18-24 SCV

ඒ දවසේ ම ගාද්, දාවිත් වෙත අවුත්, ඔහු අමතමින්, “නැගිට යන්න. යෙබූසීය අරව්නාගේ කමතේ ස්වාමින්වහන්සේට පූජාසනයක් ගොඩ නගන්නැ” යි පැවසී ය. එවිට දාවිත්, ස්වාමින්වහන්සේ අණ කර තිබූ ගාද්ගේ වචනය පරිදි එහි පිටත් ව ගියේ ය. අරව්නා බැලූ කල, රජු ද රාජ සේවකයෝ ද තමන් දෙසට එනු දැක, පෙර මඟට අවුත්, නැමී, තම මුහුණ බිමට නමා, රජුට වැන්දේ ය. අරව්නා කතා කරමින්, “මගේ ස්වාමි වූ රජතුමා තම සේවකයා වෙත ආවේ කුමට දැ?” යි ඇසී ය. දාවිත් පිළිතුරු දෙමින්, “ඔබේ කමත මිලට ගැනීමටයි. ජනයා වෙතින් වසංගතය නවතින පිණිස, ස්වාමින්වහන්සේට පූජාසනයක් ගොඩ නගන්නට” යි කීවේ ය. අරව්නා, දාවිත් අමතා, “මගේ ස්වාමි රජ්ජුරුවන්ට හොඳයයි හැඟෙන කවර දෙයක් වුව ගෙන, පූජා කරත්වා! දවන යාග පූජාව සඳහා ගවයින් ද දර සඳහා මඩින උපකරණ සහ ගව-වියගස් ද තිබේ. අහෝ රජතුමනි, අරව්නා මේ සියල්ල රජුට දෙන්නේ යැ” යි කීවේ ය. අරව්නා තවදුරටත් රජු අමතමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ පිළිගන්නා සේක්වා” යි පැවසී ය. එහෙත් රජු අරව්නාට පිළිතුරු දෙමින්, “එසේ නො වේ. මම එය ඔබගෙන් මිලයට ගන්නෙමි. මට කිසිවක් වැය නො වන කිසි යාග පූජාවක්, මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මා පූජා කරන්නේ නැතැ” යි කීවේ ය. මෙසේ දාවිත් එම කමත ද ගවයින් ද මිලට ගනිමින්, ඒ සඳහා රිදී ෂෙකෙල් පනහක් ගෙවී ය.

Free Reading Plans and Devotionals related to 2 සාමුවෙල් 24:18-24