2 සාමුවෙල් 22:26-28
2 සාමුවෙල් 22:26-28 SCV
“විශ්වාසවන්ත අය සමඟ ඔබ ද විශ්වාසවන්ත වූ සේක. නිදොස් අයට ඔබ ද නිදොස් බව දක්වන සේක. පවිත්‍ර අයට, ඔබ පවිත්‍ර බව දක්වන සේක; එහෙත් කෛරාටික අයට, ඔබ විචක්ෂණ වග දක්වන සේක. ඔබවහන්සේ නිහතමානීන් ගලවන සේක. එහෙත් අහංකාර වූවන් පහත් කරන පිණිස, ඔබවහන්සේගේ ඇස් ඔවුන් පිට ය.





