2 සාමුවෙල් 20:1-2
2 සාමුවෙල් 20:1-2 SCV
මේ අතර බෙන්යමින් වංශික බික්රීගේ පුත් ෂෙබා නැමති දුර්ජන මිනිසෙක් ද එහි සිටියේ ය. ඔහු හොරණෑව පිඹ, මොර ගසමින්, “දාවිත් තුළ අපට පංගුවක් නැත. යෙස්සේගේ පුතාගෙන් අපට උරුම කොටසක් නැත. එම්බා ඉශ්‍රායෙල්! හැම කෙනකු ම තම තමන්ගේ කූඩාරමට!” යි කීවේ ය. එබැවින් සියලු ම ඉශ්‍රායෙල්වරු බික්රීගේ පුත් ෂෙබා පසු පස යන පිණිස දාවිත්ට පිටුපෑහ. එහෙත්, යූදා ජනයා යොර්දාන්හි සිට යෙරුසලම දක්වා තම රජු සමඟ සිටියහ.




