YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 2:1-7

2 සාමුවෙල් 2:1-7 SCV

මෙයින් පසු දාවිත් ස්වාමින්වහන්සේගෙන් විචාරමින්, “යූදා නගරවලින් එකකට මා යන්න දැ?” යි ඇසී ය. “යන්නැ” යි ස්වාමින්වහන්සේ ඔහුට උත්තර දුන් සේක. “මා කොතැනකට යන්න දැ?” යි දාවිත් ඇසී ය. “හෙබ්‍රොන් වෙත” යැයි උන්වහන්සේ පැවසූ සේක. එබැවින් දාවිත් තම භාර්යාවන් දෙදෙනා සමඟ, යෙස්රෙයෙලීය අහිනොවම් ද කර්මෙලීය නාබාල්ගේ බිරිඳ ව සිටි අබිගායිල් ද සමඟ එහි ගියේ ය. දාවිත් තමා සමඟ වූ මිනිසුන් ද ගෙන ගියේ ඔවුන්ගේ නිවැසියන් ද සමඟිනි. ඔවුහු හෙබ්‍රොන් නගරවල පදිංචි වූහ. ඉන්පසු යූදා ජනයා පැමිණියහ. එහිදී ඔවුහු යූදා වංශයේ රජු වශයෙන් දාවිත් ආලේප කළහ. “සාවුල් භූමදාන කරන ලද්දේ යාබේෂ්-ගිලියාද් වාසීන් විසිනැ” යි ඔවුහු දාවිත්ට කී විට, දාවිත් යාබේෂ්-ගිලියාද් මිනිසුන් වෙත පණිවුඩකරුවන් යවමින්, ඔවුන්ට මෙසේ දැන්වී ය: “ඔබගේ ස්වාමියා වූ සාවුල් භූමදාන කරමින්, ඔබ ඔහුට දක්වන ලද මේ කරුණාව නිසා ස්වාමින්වහන්සේ නුඹලාට ආශිර්වාද කරන සේක්වා! දැන් ස්වාමින්වහන්සේ නුඹලාට කරුණාව හා විශ්වසනීයත්වය දක්වන සේක්වා! නුඹලා ඒ දේ කළ බැවින් මමත් නුඹලාට එම ප්‍රසාදය ම දක්වමි. එබැවින් දැන් සවිමත් ව, එඩිතර ව සිටින්න. මන්ද නුඹලාගේ ස්වාමියා වූ සාවුල් මිය ගිය නමුදු, යූදා වංශය තමන්ගේ රජු කොට මා ආලේප කර ඇත.”

Free Reading Plans and Devotionals related to 2 සාමුවෙල් 2:1-7