2 සාමුවෙල් 16:5-6
2 සාමුවෙල් 16:5-6 SCV
දාවිත් රජු බහූරීම් වෙත ළඟා වෙද්දී සාවුල්ගේ වංශයේ එම පෙළපතට ම අයත්, ගේරාගේ පුත්‍ර ෂිමෙයි නම් මනුෂ්‍යයෙක් නො නැවතී ශාප කරමින් පැමිණියේ ය. ඔහු දාවිත්ට හා දාවිත් රජුගේ සියලු සේවකයින්ට ගල් දමා ගැසී ය. ජනයා සියල්ලෝ ද වීර සෙබළුන් ද ඔහුගේ දකුණු පසින් හා වම් පසින් වූහ.





