2 සාමුවෙල් 11:2-4
2 සාමුවෙල් 11:2-4 SCV
එක් සවස් වරුවක තම යහනින් පිබිදුණු දාවිත්, රජගෙදර පියස්සේ සක්මන් කරද්දී, කාන්තාවක් ස්නානය කරන අයුරු පියස්සේ සිට දිටී ය. ඒ කාන්තාව ඉතා සුරූපී තැනැත්තියකි. දාවිත් ඇය ගැන විමසන පිණිස කෙනකු යැවී ය. “මැය, බැත්ෂෙබා නො වේ ද! ඒ එලියාම්ගේ දියණියයි; හිත්තීය ඌරියාගේ බිරිඳයි” යනුවෙන් ඒ මිනිසා පැවසී ය. දාවිත් පණිවුඩකරුවන් යවා, ඇය ගෙන්වූ කල, ඈ ඔහු වෙත ආවා ය. ඔහු ඇය සමඟ නිදි වැදුණේ ය. ඒ වන විට ඇය සිටියේ තම මාසික අපවිත්‍රතාවෙන් පවිත්‍ර වෙමින් ය. ඉන්පසු ඈ තම නිවසට ආපසු ගියා ය.





