2 සාමුවෙල් 11:1-3
2 සාමුවෙල් 11:1-3 SCV
වසරේ වසන්ත සමයේ රජුන් යුද්ධයට පිටත් ව යන කාලයේ, දාවිත්, යෝවාබ් ද තම සේවකයන් ද ඉශ්රායෙල් මුළු හමුදාව ද පිටත් කර යැවී ය. ඔවුහු අම්මොන්වරුන් විනාශ කොට, රබ්බා වැටලූහ. එහෙත් දාවිත් යෙරුසලමේ නැවතී සිටියේ ය. එක් සවස් වරුවක තම යහනින් පිබිදුණු දාවිත්, රජගෙදර පියස්සේ සක්මන් කරද්දී, කාන්තාවක් ස්නානය කරන අයුරු පියස්සේ සිට දිටී ය. ඒ කාන්තාව ඉතා සුරූපී තැනැත්තියකි. දාවිත් ඇය ගැන විමසන පිණිස කෙනකු යැවී ය. “මැය, බැත්ෂෙබා නො වේ ද! ඒ එලියාම්ගේ දියණියයි; හිත්තීය ඌරියාගේ බිරිඳයි” යනුවෙන් ඒ මිනිසා පැවසී ය.





