YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 1:1-4

2 සාමුවෙල් 1:1-4 SCV

සාවුල්ගේ මරණින් පසු, දාවිත් අමලෙක්වරුන් පරදා ආපසු පැමිණ, සික්ලග්හි දවස් දෙකක් නැවතී සිටියේ ය. තුන් වන දවසේ මෙන්න, සාවුල්ගේ කඳවුරේ සිට මිනිසෙක් තම හැඳිවත් ඉරාගෙන, හිසේ ධූලි සහිත ව පැමිණියේ ය. ඔහු දාවිත් ඉදිරියට පැමිණි කල, ඔහුට ප්‍රණාමය දක්වමින්, වැඳ වැටුණේ ය. එවිට දාවිත්, “ඔබ එන්නේ කොහේ සිට දැ?” යි ඔහුගෙන් ඇසී ය. “ඉශ්‍රායෙල් කඳවුරේ සිට මා බේරී ආවා” යි ඔහු ඔහුට කීවේ ය. දාවිත් ඔහු අමතමින්, “කොහොම ද එහි තත්වය, මට කියන්නැ” යි කීවේ ය. ඔහු පිළිතුරු දෙමින්, “මිනිස්සු සටනින් පලා ගියා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මැරී වැටී ගියා. සාවුල් සහ ඔහුගේ පුත් යොනාතානුත් මියැදුණා” යි කීවේ ය.

Free Reading Plans and Devotionals related to 2 සාමුවෙල් 1:1-4