2 රාජාවලිය 7:1-2
2 රාජාවලිය 7:1-2 SCV
එලීෂා කතා කොට, “ස්වාමින්වහන්සේගේ වචනයට සවන් දෙන්න; ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘හෙට මේ වේලාව වන විට පිටි සියාවක ප්‍රමාණයක් ෂෙකෙලයකට ද යව නැළි දෙකක් ෂෙකෙලයකට ද සමාරියේ දොරටුවේදී විකිණෙනු ඇතැ’ යි” පැවසී ය. එවිට තම බාහුවට රජු හාන්සි වී සිටි නිලධාරියා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා අමතා, “ඔන්න, ස්වාමින්වහන්සේ ස්වර්ගයේ දොරටු විවර කළත් මේක වෙන්න පුළුවන් දෙයක් දැ?” යි ඇසී ය. එලීෂා පිළිතුරු දෙමින්, “එය ඔබේ ම ඇස්වලින් දකිනු ඇත. එහෙත් එයින් ඔබට කන්නට ලැබෙන්නේ නැතැ” යි පැවසී ය.





