YouVersion Logo
Search Icon

2 රාජාවලිය 5:22-25

2 රාජාවලිය 5:22-25 SCV

“ඔව්, සියල්ල හොඳින්. මගේ ස්වාමියා මා එවුවේ, ‘දිවැසිවර කණ්ඩායමේ යෞවනයන් දෙදෙනෙක් එප්‍රායිම් කඳු රටේ සිට මේ දැන් මා වෙත ආවා. කරුණාකර ඔවුන්ට රිදී තලෙන්තයකුත්, ඇඳුම් කට්ටල දෙකකුත් දෙන්න’ කියා කියන්නට යැ” යි කීවේ ය. එවිට නාමාන්, “එසේ නම් තලෙන්ත දෙකක් ම පිළිගන්නැ” යි පැවසී ය. ඒවා පිළිගන්නැයි ගෙහාසීට පෙරැත්ත කළ ඔහු, රිදී තලෙන්ත දෙක මලු දෙකක ගැට ගසා, ඇඳුම් කට්ටල දෙක සමඟ තම සේවකයින් දෙදෙනකුට භාර දුන්නේ ය. ඔවුහු ගෙහාසීට පෙරටුව ඒවා උසුලාගෙන ගියහ. ගෙහාසී හෙල වෙත පැමිණි කල, සේවකයින් අතින් ඒවා ගෙන ගෙයි තැබී ය. ඔහු ඒ මිනිසුන් පිටත් කොට හැරියෙන් ඔවුහු ගියහ. ඉන්පසු ඔහු ඇතුළට ගොස්, තම හාම්පුතා වූ එලීෂා ඉදිරියේ සිට ගත්තේ ය. “ගෙහාසී, ඔබ කොහේ ද සිටියේ?” යි එලීෂා ඇසී ය. “ඔබේ සේවකයා කොහේවත් ගියේ නැතැ” යි ගෙහාසී පිළිතුරු දුන්නේ ය.

Free Reading Plans and Devotionals related to 2 රාජාවලිය 5:22-25