2 රාජාවලිය 5:13-15
2 රාජාවලිය 5:13-15 SCV
එවිට නාමාන්ගේ සේවකයෝ ඔහු වෙත අවුත්, “මගේ පියාණෙනි, ඒ දිවැසිවරයා ලොකු දෙයක් කරන්නැයි කීවා නම්, ඔබ එය කරන්නේ නැද්ද? ඔහු ඔබට කීවේ, ‘සේදී පවිත්‍ර වන්න’ කියා නො වේ දැ?” යි පැවසූහ. එබැවින් ඔහු ගොස්, යොර්දාන් නදියෙහි හත් වරක් ගිලුණේ ය. එවිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඔහුට කී පරිදි, ඔහුගේ මාංසය ප්‍රකෘතිමත් වී, කුඩා දරුවකුගේ මෙන් පැහැපත් විය. ඉන්පසු නාමාන් හා ඔහුගේ පිරිවර දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වෙත ආපසු ගියෝ ය. නාමාන් ඔහු අබියස සිටගෙන, “දැන් මම දන්නවා ඉශ්‍රායෙල්හි මිස, ලෝකයේ වෙන දෙවියන්වහන්සේ කෙනකු නැති වග. කරුණාකර දැන් ඔබේ සේවකයා වෙතින් තෑග්ගක් පිළිගන්නැ” යි කීවේ ය.





