YouVersion Logo
Search Icon

2 රාජාවලිය 5:1-19

2 රාජාවලිය 5:1-19 SCV

මෙකල අරාම්හි රජුගේ හමුදාවේ සෙන්පති ව සිටියේ නාමාන් ය. ස්වාමින්වහන්සේ ඔහු මගින් අරාම් රටට ජය ගෙන දී තිබූ බැවින්, ඔහු තම ස්වාමියාගේ ඇස් හමුවේ උතුම් මිනිසකු ව, මහත් ගරු කටයුතු කෙනකු ව සිටියේ ය. ඔහු බලවත් රණශූරයකු ව සිටි නමුත්, ඔහුට කුෂ්ඨ රෝගයක් තිබිණි. අරාම්හි සිට පිටත් ව ගිය ආක්‍රමණික කණ්ඩායම් ඉශ්‍රායෙලයෙන් කුඩා කෙල්ලක අල්ලා ගෙනැවිත් තිබිණි. ඈ නාමාන්ගේ බිරිඳට මෙහෙ කළා ය. ඇගේ ස්වාමි දූ ඇමතූ ඈ, “මගේ හාම්පුතා සමාරියේ සිටින දිවැසිවරයා ඉදිරියේ පෙනී සිටියොත්! මොහුගේ කුෂ්ඨය, ඔහු සුව කරනු ඇතැ” යි කීවා ය. නාමාන් තම ස්වාමියා වෙත ගොස්, ඉශ්‍රායෙලයෙන් ආ කෙල්ල කියා තිබූ දෑ ඔහුට පැවසී ය. “දැන් ම යන්නැ” යි පිළිතුරු දුන් අරාම්හි රජු, “ඉශ්‍රායෙල් රජුට මා ලිපියක් යවන්නම්” යැයි කී ය. එබැවින් නාමාන් රිදී තලෙන්ත දහයක්, රන් ෂෙකෙල් හයදාහක් හා ඇඳුම් කට්ටල දහයක් රැගෙන පිටත් ව ගියේ ය. ඔහු ඉශ්‍රායෙල් රජුට ගෙනා ලිපියේ සඳහන් වූයේ, “මේ ලිපිය සමඟ මගේ සේවක නාමාන් ඔබ වෙත එවමි. ඔහුගේ කුෂ්ඨ රෝගය සුවකරන්නැ” යි යනුවෙනි. ඉශ්‍රායෙල් රජු එම ලිපිය කියැවූ සැණින්, තම හැඳිවත් ඉරාගෙන, “මා දෙවියන්වහන්සේ ද? මරන්නටත්, යළි ජීවත් කරන්නටත් මට පුළුවන් ද? මේ මිනිහා කුෂ්ඨයක් සුව කරන්නට මිනිහකු මා ළඟට එවන්නේ මොන එහෙකට ද? පෙනේ ද ඔහු මා සමඟ කලහයකට අර අඳින හැටි” යි කී ය. ඉශ්‍රායෙල් රජු තම හැඳිවත් ඉරා ගත් වග ඇසූ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වූ එලීෂා, “ඔබේ හැඳිවත් ඉරා ගත්තේ ඇයි? ඒ මිනිහා මා වෙත ආවා වේ. ඉශ්‍රායෙල්හි දිවැසිවරයකු සිටින වග ඔහු දැනගනු ඇතැ” යි කියා යැවී ය. එබැවින් නාමාන් තම අශ්වයින් හා රථ කැටුව එලීෂාගේ නිවසේ දොරකඩ ළඟ නැවතුණේ ය. එලීෂා පණිවුඩකරුවකු ඔහු වෙත යවමින්, “යන්න, යොර්දාන් නදියේ හත් වරක් සේදෙන්න. ඔබේ මාංසය ප්‍රකෘතිමත් වී, ඔබ පවිත්‍ර වනු ඇතැ” යි කියා යැවී ය. එහෙත් නාමාන් කෝපයෙන් හැරී යමින්, “ඇත්තෙන් ම මා සිතුවේ, ඔහු ඇවිත් මා ළඟ සිටගෙන, ඔහුගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමය කියා, කුෂ්ඨයට උඩින් අත වනා, මගේ කුෂ්ඨය සුව කරනු ඇත කියායි. දමස්කයේ අබානා හා පර්පර් යන ගංගා ඉශ්‍රායෙලයේ සියලු ගං ජලයට වඩා කොපමණ හොඳ ද? මට ඒවායේ සේදී පවිත්‍ර වන්නට බැරි දැ?” යි පැවසී ය. එබැවින් ඔහු කෝපයෙන් ආපසු හැරී ගියේ ය. එවිට නාමාන්ගේ සේවකයෝ ඔහු වෙත අවුත්, “මගේ පියාණෙනි, ඒ දිවැසිවරයා ලොකු දෙයක් කරන්නැයි කීවා නම්, ඔබ එය කරන්නේ නැද්ද? ඔහු ඔබට කීවේ, ‘සේදී පවිත්‍ර වන්න’ කියා නො වේ දැ?” යි පැවසූහ. එබැවින් ඔහු ගොස්, යොර්දාන් නදියෙහි හත් වරක් ගිලුණේ ය. එවිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඔහුට කී පරිදි, ඔහුගේ මාංසය ප්‍රකෘතිමත් වී, කුඩා දරුවකුගේ මෙන් පැහැපත් විය. ඉන්පසු නාමාන් හා ඔහුගේ පිරිවර දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වෙත ආපසු ගියෝ ය. නාමාන් ඔහු අබියස සිටගෙන, “දැන් මම දන්නවා ඉශ්‍රායෙල්හි මිස, ලෝකයේ වෙන දෙවියන්වහන්සේ කෙනකු නැති වග. කරුණාකර දැන් ඔබේ සේවකයා වෙතින් තෑග්ගක් පිළිගන්නැ” යි කීවේ ය. දිවැසිවරයා පිළිතුරු දෙමින්, “මා සේවය කරන ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, මා කිසිවක් පිළිගන්නේ නැතැ” යි පැවසී ය. නාමාන් පෙරැත්ත කළත් ඔහු එය ප්‍රතික්ෂේප කළේ ය. “ඔබ පිළිගන්නේ නැත්නම්, කරුණාකර කොටළුවන් දෙදෙනකුට ගෙන යන්නට හැකි තරම් පස් ගෙන යන්නට ඔබගේ සේවක මා හට අවසර දෙන්න. මින් පසු ඔබගේ සේවකයා ස්වාමින්වහන්සේට මිස වෙන කිසි දෙවි කෙනකුට දවන යාග පූජා හෝ යාග පූජා හෝ පුදන්නේ නැත. එහෙත් ස්වාමින්වහන්සේ ඔබේ සේවකයාට මේ කාරණය ගැන කමා වන සේක්වා: මගේ ස්වාමියා වඳින්නට රිම්මෝන් දෙවොලට ඇතුල්වන්නේ මගේ අතට හේත්තු වීයි. එවිට මට ද වඳින්නට සිදු වෙයි. එසේ මා රිම්මෝන් දෙවොලේ වඳින කල, ස්වාමින්වහන්සේ ඔබගේ සේවකයාට කමා වන සේක්වා!” යි නාමාන් පැවසී ය. “සාමයෙන් යන්නැ” යි එලීෂා පැවසී ය. නාමාන් ටික දුරක් ගමන් කළ පසු