YouVersion Logo
Search Icon

2 රාජාවලිය 21:3-9

2 රාජාවලිය 21:3-9 SCV

ඔහු තම පියා වූ හෙසකියා විනාශ කර තිබූ උස් තැන් පුදසුන් යළි ඉදි කළේ ය. ඔහු ද බාල් දෙවියාට පූජාසන තනා, ඉශ්‍රායෙල් රජු වූ ආහාබ් කර තිබූ පරිදි අෂේරා කණුවක් සෑදී ය. ඔහු මුළු අහස් සේනාවට නමස්කාර කරමින්, ඒවාට මෙහෙ කළේ ය. “මගේ නාමය යෙරුසලමේ තබමි” යි ස්වාමින්වහන්සේ පවසා තිබූ ස්වාමින්වහන්සේගේ ගෘහය තුළ ඔහු පූජාසන ඉදි කළේ ය. ඔහු ස්වාමින්වහන්සේගේ ගෘහයේ දෙමළුවේ ම සියලු අහස් සේනාවනට පූජාසන ඉදි කළේ ය. ඔහු තමාගේ ම පුත්‍රයා ගින්නෙන් යාග කොට, ශාස්ත්‍ර බැලීමෙහි ද නිමිති බැලීමෙහි ද නියැළුණේ ය. ඔහු ආත්ම බන්ධනකරුවන් හා පේන කියන්නන් විමසී ය. ඔහු ස්වාමින්වහන්සේ කෝප කරවමින්, උන්වහන්සේගේ ඇස් හමුවෙහි බොහෝ නපුරු දේ කළේ ය. තමා සාදා තිබූ කැටයම් අෂේරා කණුව ඔහු ගෘහය තුළ පිහිටුවේ ය. ස්වාමින්වහන්සේ එම ගෘහය ගැන දාවිත්ටත්, ඔහුගේ පුත් සාලමොන්ටත් කතා කොට, “මේ ගෘහයෙහි ද ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ සියල්ලෙන් මා තෝරාගත් යෙරුසලමෙහි ද මගේ නාමය සදහට ම තබන්නෙමි. මා අණ කළ සියල්ල කරන්නට ඔවුන් වග බලා ගන්නේ නම්, මගේ සේවක මෝසෙස් ඔවුන්ට දුන් මුළු ව්‍යවස්ථාව ඔවුන් පිළිපදින්නේ නම් පමණක් ඔවුන්ගේ පියවරුන්ට දුන් දේශයෙන් ඔවුන්ගේ පා මුළාව යන්නට මම ඉඩ නාරින්නෙමි” යි පවසා තිබිණ. එහෙත් ජනයා කන් දුන්නේ නැත. මනස්සේ ඔවුන් මුළා කරවී ය. එබැවින් ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරිපිටින් විනාශ කර දමා තිබූ ජාතීන්ට වඩා ඔවුහු නපුරු දේ කළෝ ය.

Free Reading Plans and Devotionals related to 2 රාජාවලිය 21:3-9