2 රාජාවලිය 2:11-13
2 රාජාවලිය 2:11-13 SCV
ඔවුන් එක් ව කතා කරමින්, ගමන් කරද්දී හදිසියේ ම ගිනි රථයක් හා ගිනි අශ්වයින් පෙනී, ඔවුන් දෙදෙනා වෙන් කෙරිණ. එලියා සුළි සුළඟකින් ස්වර්ගයට නැගී ගියේ ය. එලීෂා ඒ දැක මොර ගසමින්, “මගේ පියාණෙනි! මගේ පියාණෙනි! ඉශ්‍රායෙල්ගේ රථ හා අසරුවනි” යි පැවසී ය. එලීෂා තවත් ඔහු දුටුවේ නැත. එවිට ඔහු තමාගේ හැඳිවත් අල්ලා දෙකඩ කළේ ය. ඔහු එලියාගෙන් වැටුණු සළුව අහුලා, ආපසු ගොස්, යොර්දාන් ගං ඉවුරේ සිට ගත්තේ ය.





